ලොව පුරා ආහාර සදහා භාවිතා කිරීම තහනම් කර තිබූ ඇස්පාටේම් නමැති රසකාරකය පිළිකා ඇති කිරීමට සමත් රසායනිකයක් බවට තහවුරු කර තිබෙනවා.

මෙම රසකාරකය ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත කරන බවටයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභික රොෂාන් කුමාර මහතා සදහන් කළේ.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගියදා ඇස්පාටේම් රසකාරකය පිළිකා කාරකයක් බවට ප්‍රකාශ කළද එය පිළිනොගන්නා බවට අමෙරිකාව කියා සිටියා.

කෙසේ වෙතත් මේ වන විට වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී අනාවරණය කරගෙන ඇත්තේ මෙම රසායනිකය ස්ථිරවම පිළිකා කාරකයක් වනු ඇති බවයි.

WhatsApp Group

Skip to content