ඇල්ල නගරයේ දී ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ඇල්ල නගරය ආසන්නයේ සංචාරක හෝටලයක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදු වී ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයෙකු දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහා රෝහලට මාරුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙසේ වෙඩිවැදී ඇත්තේ සංචාරක හෝටලයක සේවකයෙකුට බවත්, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදු කර ඇති බවත් පොලීසිය සදහන් කළා.

මෙම වෙඩි තැබීම හෝටලය ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමක් බවට සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇති අතර, වෙඩි තැබීම සිදු කළ පුද්ගලයන් සොයා ඇල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content