ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ ධුර කාලය ලබන වසරේ නොවැම්බර් 04 වන දින දක්වා දීර්ඝ කරන බවයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ ගැසට් නිවේදනයෙන් සඳහන් කර ඇත්තේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය 2019 වසරේ නොවැම්බර් 5 වන දින සිට ක්‍රියාත්මක වනවා.
කෙසේ වෙතත් නාම යෝජනා කැදවීමට පෙර අනෙකුත් ප්‍රාදේශීය සභාවල කාලයද වසරකින් දීර්ඝ කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගත් අතර ඒ අනුවයි ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ කාලය මෙලෙස වසරකින් දීර්ඝ කර ඇත්තේ.