ැල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම එළඹෙන 26 වනදා පැවැත්වීමට නියමිත අතර එහිදී ඡන්දදායකයාගේ වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීම සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ සදහා විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

එමෙන්ම යම් අයෙකුගේ මහපටඟිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි වෙන යම් ඇඟිල්ලක් සළකුණු කරන බව ද සදහන්.

පසුගිය ජනාධිපතිවරණයේ දී සිදු කළ පාටගැන්වීම මේ වන විටත් පැවතීම මීට හේතුව වනවා.

WhatsApp Group

Skip to content