ඇල්පිටිය – තලාව ප්‍රදේශයේ තේ ඉඩමක තිබී මියගිය තරුණියකගේ සිරිරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ අතුරුදන් වූ බවට වාර්තා වූ කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණියකගේ මල සිරුර මෙලෙස හමුවී ඇති බවයි.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඇල්පිටිය පොලිස් ස්ථානය මඟින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content