ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු අද තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අද තැපැල් දෙපාර්තමේන්තුව මගින් එම රක්ෂිත පැකට්ටු රජයේ ආයතන වෙත භාරදෙන බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 14 වැනිදා සිදු කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content