ඇල්ජීරියානු ජනරජයේ ශ්රී ලංකාවේ නව තානාපති වශයෙන් පත්කළ අලි අචෝයි (Ali Achoui) මහතා පසුගියදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී හමුවිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියා ය.
මෙම හමුවේ දී දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවයේ අවධානය යොමු වූ අතර, ශ්රී ලංකා – ඇල්ජීරියානු පාර්ලිමේන්තු මිත්රත්ව සංගමය ස්ථාපනය කිරීමට අපේක්ෂා කරන බව ඇල්ජීරියානු තානාපතිවරයා පැවසීය.
ශ්රී ලංකාවේ තේ, කුරුඳු සහ ඇඟලුම් කර්මාන්ත හරහා දෙරට අතර වෙළෙඳ සබඳතා ඇති කර ගැනීම පිළිබඳවද මෙහි දී සාකච්ඡා කෙරිණි.
මේ අතර, සංචාරක ක්ෂේත්රයේ සබඳතා ගැන ද අවධානය යොමු විය.

WhatsApp Group

Skip to content