ඉරාන තර්ජන හමුවේ ඇමෙරිකාව එෆ් 16 ප්‍රහාරක ජෙට්යානා ගල්ෆ් තීරයට යැවීමට පියවර ගෙන තිබෙනවා.

ඉරාන ග්‍රහණයෙන් සිය නැව් ආරක්ෂා කර ගැනීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වටා අතිරේක ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ද ඇමෙරිකාව ක්‍රියා කළා.

සතියක කාලයක් මෙම කලාපයේ මුර සංචාරයේ නිරත ඒ 10 ප්‍රහාරක ගුවන් යානා වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සති අන්තයේදී එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා ගල්ෆ් කලාපයට යවන බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරානය තෙල් ටැංකි දෙකක් අත්පත් කරගැනීමත් සමග ඇමෙරිකාව මෙලෙස ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

WhatsApp Group

Skip to content