ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා සහ දුෂණ වලට එරෙහිව සිදු කරන සටන අමාත්‍ය ධුරය නොමැතිව වුවත් තමන් අත් නොහරින බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා .

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ඊයේ කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් .මෙම ගැටලුව මේ වන විට නාට්‍යක් බවට පත්වී අවසන් බවද ඔහු තවදුරටත් කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/11/ROSHAN-EDIT-.mp3?_=1

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රකාශ කලේ කිසිදු මුල්‍ය වංචාවක් තම පාලනය යටතේ සිදුව නොමැති බවයි .

සභාපතිවරයා ඊයේ ක්‍රිකට් ආයතනේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/11/SHAMMI-SILVA-EDIT-.mp3?_=2

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද වර්තමානයේ මෙරට ඇතිවී තිබෙන ක්‍රිකට් අර්බුධය පිලිබදව මාධ්‍ය වෙත අදහස් පල කළා .එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ අමාත්‍යවරයා පත් කල අතුරු කමිටුව ක්‍රියාත්මක වුයේ නම් මෙරටට ක්‍රිකට් තහනමක් සිදු නොකරනු ඇති බවයි .

https://www.vnews.lk/storage/2023/11/LAKMAN-KIRIALLA-EDIT-.mp3?_=3

එමෙන්ම රට සහ මෙරට ක්‍රිකට් ආයතනය විනාශයට පත් වුයේ එකම කරුණු කිහිපයක් හේතුවෙන් බව ජාතික ජන බලවේගයේ නායක ,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා .

ඔහු මේ බව කියා සිටියේ ඊයේ ගලිගමුව ප්‍රදේශයේ පැවති ආසන සමුළුව අමතමින් .

https://www.vnews.lk/storage/2023/11/ANURA-KUMARA-EDIT-.mp3?_=4

WhatsApp Group

Skip to content