අමෙරිකාවේ ඇල්ස්කා ප්‍රාන්තය ආසන්නයේ සිදුවූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා.

භූකම්පනය ඇලස්කා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට කිලෝමීටර් 106ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content