ඇමරිකානු සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර පැවති සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊයේ චීනයේ සංචාරයක නිරතවූ අතර, එය සැළකෙන්නේ වසර පහකට පසුව ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු එරට සිදුකළ පළමු සංචාරය ලෙසයි.

චීන විදේශ අමාත්‍යවරයා හමුවූ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා එහිදී චීන – තායිවාන ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

පැය පහකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී දෙරටට බලපාන ආර්ථික ගැටළු පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content