ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Stockdale’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 22) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගැනීමට කටයුතු කෙරිණි.  

   

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Arleigh Burke – class destroyer වර්ගයට අයත් ‘USS Stockdale’ නෞකාව, දිගින් මීටර් 155.3 ක් හා නැව් මුළුව තුන්සිය තිස් දෙකකින් (332) සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Commander Lauren Johnson කටයුතු කරනු ලබයි.

 

තවද, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව ‘USS Stockdale’ නෞකාව 2024 අගෝස්තු මස 23 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.    

WhatsApp Group

Skip to content