ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවූ මාස හත තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 3,710.8 ක් බව මහ බැංකුව පවසන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.3 ක වැඩිවීමක්.

පසුගිය ජූලි මාසය තුළදී ඩොලර් මිලියන 566.8ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙනවා.

එමෙන්ම ජනවාරි සිට ජූනි මාසය අග දක්වා කාලය තුළ දිවයිනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ 10,249 ක් වන අතර ඉන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 1556.6ක් බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content