තමන් කිසිවිටක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර නොයන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේ ඇතැම් පාර්ශව ද්වේශ සහගතව, පටුදේශපාලන අරමුණින් මඩ ප්‍රචාර සිදුකරන බවයි.

එවැනි අසාත්‍ය ප්‍රකාශවලට නොරැවෙටෙන ලෙස ද බන්දුල ගුණවර්ධන මහතා සිය පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් පිරිසක් සමගි ජන බල සන්ධානය සමග එක්වන බවට වාර්තා පළව තිබුණා.

WhatsApp Group

Skip to content