මෙගාවොට් 50ට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති දිවයින පුරා සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ ව්යාපෘති ආයෝජකයන් කැඳවා විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (13) විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ දී පවත්වන ලදී.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතාගේ ප්රධානත්වයෙනි.
මෙම සාකච්ඡාවේ දී අවශ්ය අනුමැතින් ලබා ගැනීම, ව්යාපෘති ක්රියාත්මක කිරීමේ කාලරාමුව, බාහිර ආයතනවලින් ලබා ගත යුතු බලපත්ර සහ අනුමැතියන් හා ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේ දී ඇතිවන අභියෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමත් සහ සාකච්ඡා කිරීමත් සිදු විය.
2030 වනවිට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබාගැනීමේ රජයේ ප්රතිපත්ති සාක්ෂාත් කර ගැනීම සඳහා මෙගාවොට් 50කට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති දිවයින පුරා සංවර්ධනය කිරීම වෙනුවෙන් එවකට විදුලිබල අමාත්යාංශය 2021 වසරේ දී ආයෝජකයන්ගෙන් අභිලාෂ කැඳවන ලදී.
ඒ අනුව ව්යාපෘතිය යෝජනා 535ක් ලැබී තිබුණු අතර 2022 වනවිට ඉන් යෝජනා 430ක් ඇගයීමට තෝරාගෙන තිබිණ.
2022/23 වසර තුළ දී මූලික ඇගයීම් කටයුතු අවසන් කර ඉන් යෝජනා 49කට සංවර්ධනය කිරීම වෙනුවන් ඇගයීම කිරීමට අනුමැතිය ලබාදෙන ලදී.
මේ අතරින් ව්යාපෘති කිහිපයකට දැනටමත් තාවකාලික සංවර්ධන අනුමැතිය, පරිසර අනුමැතිය, ඉඩම් අවසරයන්, රාජ්ය ආයතන වල අනුමැතීන් හා බලශක්ති බලපත්රය ලැබී ඇත.
අනුමැතිය ලැබෙන සියලු ව්යාපෘති අවසන් කර 2030 වනවිට ජාතික පද්ධතියට මෙම විදුලිබලය ලබාගැනීම රජයේ අපේක්ෂාවයි.

WhatsApp Group

Skip to content