කුරුණෑගල ඇතුගල ලඳු කැලෑවට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙම්වතුන් යුවල රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අධිකරණය නියෝග කළේ ඔවුන් ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි.

ඔවුන් 24 හැවිරිදි සහ 20 වන වියේ පසුවන්නන් බවයි පොලිසිය සදහන් කළේ.

ඇතුගල මුදුනේ පිහිටි බුදු පිළිමය නැරඹීමට පැමිණ ඔවුන් විසිකළ ගිනිකූරකින් මෙම ගින්න හටගෙන තිබූ අතර ඉන් අක්කර 3 ක් පමණ විනාශ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content