ආහාර ද්‍රව්‍යවල මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට සියයට 128 කින් ඉහළ ගොස් තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කරන්නේ ඒ පිළිබඳව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය සම්බන්ධයෙන් නිකුත් කළ අලුත්ම වාර්තාවල සඳහන් වන බවයි.
ආහාර නොවන කාණ්ඩයේ භාණ්ඩවල මිල මට්ටම සියයට 87 කින් ඉහළ ගොස් තිබෙනවා.

පරිභෝජන භාණ්ඩ හා සේවාවල මිල මට්ටමේ සාමාන්‍ය වැඩිවීම සියයට එකසිය තුනක් බවයි වසන්ත අතුකෝරළ මහතා සඳහන් කලේ.
කොළඹ නාගරික සීමාවේ ආහාර ද්‍රව්‍යවල මිල සියයට 136කින් වැඩිවී ඇති බවයි එම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ.
ජනතාවගේ ආදායම්වල මූර්ත වටිනාකම පහළ යෑම සහ රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ගේ වැටුප් 2019 න් පසු වැඩි නොවීම යනාදී කරුණු හේතුවෙන් ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය විශාල වශයෙන් පහත බැස ඇති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සඳහන් කලේ.

WhatsApp Group

Skip to content