ආසියා – ශාන්තිකර කලාපීය රටවල පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව අද කොළඹදී ආරම්භ වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසුවේ කෝවිඩ් 19 වසංගතයෙන් පසුව මෙරදී පැවැත්වෙන විශාලතම සමුළුව මෙය වන බවයි.

කලාපයේ රටවල් 39ක පරිසර අමාත්‍යවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් 300කට අධික පිරිසක් මෙවර සමුළුවට එක්වනු ඇති.

එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහන හා එක්ව පරිසර අමාත්‍යංශය විසින් මෙවර සමුළුව සංවිධාන කර තිබෙනවා.

WhatsApp Group

Skip to content