මැයි මස 02 දා සිට 05 දා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ සඳහා සහභාගී වේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයකු වන ශ්‍රී ලංකාව විවිධ අවස්ථාවන් හීදී රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් හා යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගෙන ඇති සහය ඉතා සුවිශේෂී වේ.

මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අර්ථවත් දායකත්වයක් ලබා දීමට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අපේක්ෂා කරන අතර එහි දී සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය හා සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම අපේක්ෂාවයි.

WhatsApp Group

Skip to content