ගැබිණි මව්වරුන්ට ලබාදුන් ගෙවීම්, තහවුරු කර එවන ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ 2022 වසරේ සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ගර්භනී මව්වරුන්ට රුපියල් 2500 බැගින් ලබාදීම සිදු කෙරුණා.

ඒ අනුව ඊට අදාළ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙසයි ආසියානු සංවර්ධන බැංකුව දැනුම් දී ඇත්තේ.

ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ක්‍රියාත්මක වුණු මෙම වැඩසටහන මගින් මාස 4 ක් තුළ එක් අයදුම්කරුවෙකුට රුපියල් 10,000 බැගින් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content