2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය රටවල් දෙකකදී පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබෙනවා.

ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින දේශපාලනික ගැටලු පදනම් කර ගනිමින් මෙම පියවර ගැනීමටයි පසුගිය සති අන්තයේ දී ඩුබායි හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමකදී සාකච්ඡා කර ඇත්තේ.

සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් දරන නමුත්, තරගාවලිය සදහා පාකිස්තානයට පැමිණීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත්, තරගාවලිය පාකිස්තානයේ දී ම පවත්වා, ඉන්දියාව ක්‍රීඩා කරන තරග පමණක් වෙනත් රටකදී පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද සමස්ත තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට යෝජනා කර ඇතත්, පාකිස්තාන ක්‍රිකට් ආයතනය එය ප්‍රතික්ෂේප කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content