2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් ඊයේ නිවේදනය කළා.

පාකිස්තානයේ හා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ මෙවර පැවැත්වෙන තරගාවලියට තරග 13 ක් ඇතුළත්.

තරගාවලිය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මීට පෙර තරගාවලිය අගෝස්තු 31 වැනිදා ආරම්භ වීමටයි නියමිතව තිබුණේ.

තරගාවලියේ සමාරම්භක තරගය පාකිස්තානය හා නේපාලය අතර මුල්තාන් හී දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව අගෝස්තු 31 වැනිදා මහනුවර දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාකිස්තානය හා ඉන්දියාව අතර තරගය සැප්තැම්බර් දෙවැනිදා මහනුවර දී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content