ආසියානු කුසලනා එක්දින ක්‍රිකට් තරගාවලියේ ඒ කාණ්ඩය යටතේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, ඉන්දීය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතරයි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 3 ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයේ සංශෝධනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ කොළඹ ප්‍රදේශයට පසුගිය දිනවල ඇදහැළුණු වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින්.

වර්ෂාව හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පෙරේදා පැවැති ඉන්දු – පාකිස්තාන තරගය ද ප්‍රතිඵලයකින් තොරවයි අවසන් කිරීමට සිදු වුණේ.

තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර දී එළඹෙන 6 වැනිදා පැවැත්වීමට නියමිතයි. අනතුරුව සුපිරි 4 වටය යටතේ පැවැත්වෙන ඉතිරි තරග 5 හා අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.

කොළඹ පැවැත්වීමට නියමිත එම තරග දඹුල්ලේදී පැවැත්වීම පිළිබද මේ වන විට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ අවධානය යොමුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කණ්ඩායම් දැනුවත් කිරීමට ද ආසියානු ක්‍රිකට් කවුන්සිල බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්.

 

WhatsApp Group

Skip to content