නේපාලයේ පැවැත්වෙන 55 වන ආසියානු කායවර්ධන සහ ෆිසික් ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිිියා.

මෙම තරගාවලිය නේපාලයේ කත්මණ්ඩු නුවර 09 වෙනි මස 01 දින සිට 09 වෙනි මස 07 දින දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ සදහා සහභාගී වීමට ක්‍රීඩකයින් 06 දෙනෙකුත් ක්‍රීඩිකාවන් 04 දෙනෙකුත් සහ එක් නිලධාරීවරයෙකු ද එක් වී සිටියා.

මෙම පිරිස අද දින අලුයම 03‌ට ඉන්දීය ගුවන් සේවයේ  274 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය‌ා.

WhatsApp Group

Skip to content