ආසාදිත සෛලවලින් එච්.අයි.වී. සෛල වෙන්කර ගත හැකි නව ක්‍රමවේදයක් සොයා ගැනීමට විදෙස් විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

නොබෙල් ත්‍යාගලාභී ක්‍රිස්පර් නම් ජාන තාක්ෂණය යොදාගනිමින් මෙම ක්‍රියාවලිය සිදුවන බවයි එම වාර්තා සදහන් කළේ.

එම තාක්ෂණය උපයෝගි කරගනිමින් ආසාදිත සෛලවල ඩී.එන්.ඒ. ඉතා කුඩා කොටස්වලට විච්ඡේදනය කර එම ආසාදිත සෛල ඉවත් කිරීම හෝ අක්‍රීය කිරීම මෙමගින් සිදුකරනු ලබනවා.

මේ අනුව යම් අයෙකුගේ සිරුරේ ඇති එච්.අයි.වී.වෛරසය මෙමගින් සම්පූර්ණයෙන්ම ඉවත් කළ හැකි බවයි එම විද්‍යාඥයින් සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ක්‍රියාවලියේ ඵලදායි බව සහ ආරක්ෂාකාරි බව තවදුරටත් තහවුරු කරගැනීම සදහා වැඩිදුරටත් පරීක්ෂණ සිදුකළ යුතු බවද එම විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

දැනට එච්.අයි.වී. සදහා පවතින ඖෂධ මගින් වෛරසය පැතිරීම වැළැක්විය හැකි නමුත් එය සිරුරෙන් ඉවත් කිරීමට හැකි වන්නේ නැහැ.

WhatsApp Group

Skip to content