ආරුගම්බේ සංචාරක ප්රදේශයේ සංචාරකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් නිලධාරීන්, හෝටල් හිමියන් සහ සංචාරක හා ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (25) පොතුවිල් ප්රාදේශීය කාර්යාලයේ දී පැවැත්විණ.
මෙම සාකච්ඡාවේ දී විදේශීය සංචාරකයින් ශ්රී ලංකාව තුළ අනවසරයෙන් රැඳී සිටීම, ධීවර වරාය වෙනත් ස්ථානයකට විතැන් කිරීමේ ගැටලුව, රජයේ ඉඩම්වල අනවසර පදිංචිය සහ ඉදිකිරීම්, බලපත්ර රහිත සුරාසැල් පවත්වාගෙන යාම මෙන්ම ජනතාව දැඩි අපහසුතාවයට පත්වන පරිදි අධික ශබ්ද සහිත සංදර්ශන සහ උත්සව පැවැත්වීම යන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.
තව ද අම්පාර දිස්ත්රික්කයේ හෝටල් කර්මාන්ත ක්ෂේත්රයේ යෙදී සිටින පිරිස් හමු වී ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද අමාත්යවරයා සාකච්ඡා කරනු ලැබූ අතර ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට සහ ඔවුන්ට අවශ්ය පහසුකම් ලබාදීම සම්බන්ධව ද එහි දී අවදානය යොමු කරන ලදී.
ඊට අමතරව ප්රදේශයේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සම්බන්ධව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

WhatsApp Group

Skip to content