කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අද දිනයේදී ආරම්භ වුණා.

මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද සිට ආරම්භ වනවා.

විවාදය අද සිට ලබන 21 වන දින දක්වා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.
අය වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වන දින පස්වරු 6 ට පැවැත්වෙනවා.

එමෙන්ම අයවැය තෙවනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා දින 19 ක කාලයක් පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වන දින පස්වරු 6 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළා.

අයවැය විවාද කාලසීමාව තුළ සෑම දිනකම පෙරවරු 9.30 සිට 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සදහා කාලය වෙන්කර ඇති අතර ඉන් අනතුරුව අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වෙනු ඇති.

මූල්‍යම නීති පැනවීම හමුවේ 2023 වසරේදී පැවති ආර්ථික අවපාතයෙන් රට ගොඩගෙන රුපියල් බිලියන 2596 ක් දක්වා මෙරට ආර්ථිකය වර්ධනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියා.

https://www.vnews.lk/storage/2023/11/RANJITH-SIYABALAPITIYA-EDIT.mp3?_=1

මේ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අද දින අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැය ජනතාවට සහන දීමට අසමත් වී ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/11/ERAN-EDIT.mp3?_=2

මේ අතර විපක්ෂ නායකවරයා ද අද දින විවාදයට එක්වෙමින් කියා සිටියේ ජාතික පාසල්වල සනීපාරක්ෂාව සදහා නව අයවැයෙන් ඉදිරිපත් කරන ලද පොරොන්දු ප්‍රායෝගිකව ඉදිරිපත් කර නොමැති බවයි.

එමෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් විශ්ව විද්‍යාලවලට දරුවන් යොමු කිරීම පිළිබද ප්‍රකාශ කළද ඒ පිළිබද නිසි නියාමනයක් නොමැති බවද විපක්ෂ නායකවරයා චෝදනා කර සිටියා.

අදාළ කරුණ පිළිබදව අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ කරුණු රැස් කිරීමෙන් අනතුරුව ඒ සදහා පිළිතුරක් ලබා දීමට කාලය අවශ්‍ය වන බවයි.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-VS-SUSIL-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content