ආර්ථික අර්බුද හමුවේ දැඩි පිරිවැයක් දැරීමට සිදු වීම නිසා ධීවරයින් විශාල පිරිසක් කර්මාන්තයෙන් ඉවත් වෙමින් සිටින බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා.
ඒ අනුව මෙරට ධීවර කර්මාන්තය බිඳවැටෙමින් පවතින බවයි එම සම්මේලනයේ කැඳවුම්කරු රත්න ගමගේ මහතා සදහන් කළේ.