රටේ ආර්ථික අර්බුදය විසදිය හැකිවන්නේ දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසනවා.

පවතින ආර්ථික අර්බුදයට කෙටිකාලීන විසදුම් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව ප්‍රකාශ කළා.

සුබ සාධන රාජ්‍යයක් ලෙස රට තවදුරටත් පවත්වාගෙන යාමට නම් බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට කොටුකර ගැනීමට අවශ්‍ය බවයි අලි සබ්රි මහතා පෙන්වා දෙන්නේ.

ඊට අවශ්‍ය වැඩපිළිවෙල මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍ය අලි සබ්රි මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content