පවතින ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳ සතුටු වන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එහි කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීයේවා මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණවලදී සහය ලබා දෙන බවයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව සදහන් කළා.

පැරිස් සමුළුවට සමගාමිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය මුණගැසී තිබුණා.

 

WhatsApp Group

Skip to content