රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සලකා බැලිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කිරීමට හැකිවනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර විශ්වවිද්‍යාල පද්ධතියේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු හදුනාගනිමින් ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content