නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .

ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණ වේදිකාවල විවිධ පොරොන්දු දෙමින් එය ඉටුකීරීම සඳහා ණය ගැනීම මත මෙරට ආර්ථිකය මෙන්ම දේශපාලනයද කඩා වැටුණු බවයි .

යාපනය දිස්ත්‍රික්කයේ විද්වතුන්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින් සමඟ පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කියාසිටියා .

පෙර සිදුවූ වැරදි යළි සිදුනොවීමට වග බලාගනිමින් නව ආර්ථික සහ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ රට ගොඩනැගීම සඳහා ගන්නා උත්සාහයට දායක වීම මෙරට විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා .

WhatsApp Group

Skip to content