මැතිවරණ ආරවුල් පිළිබද දැනුම් දීම සදහා ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ දිවයිනම ආවරණය වන පරිදි එම මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි.

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යල තුළයි මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ලැබී ඇති මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 717ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ඒ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංගනය කිරීම් සම්බන්ධවයි.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා එකක් සහ වෙනත් පැමිණිලි 23ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

WhatsApp Group

Skip to content