ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ආරාධනයෙන් අද දින (2024 නොවැම්බර් 06) නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. එහිදී, නාවික හමුදාධිපති හමුවීමෙන් අනතුරුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (Maritime Rescue Coordinating Centre, Colombo – MRCC) සහ තොරතුරු විලායන මධ්‍යස්ථානයේ (Information Fusion Centre  IFC) කටයුතු නිරීක්‍ෂණය කළ ආරක්‍ෂක ලේකම්වරයා, නිලධාරීන් සහ නාවිකයන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමද නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි ආරක්‍ෂක ලේකම්වරයාබටහිර නාවික විධානයේ  ආඥපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ විසින් නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීම සිදු කෙරිණි. හමුදාමය සම්ප්‍රදායන්ට අනුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ආරක්‍ෂක ලේකම්වරයා වෙත උත්තමාචාර පිරිනැමීමෙන් අනතුරුවනාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය ආරක්‍ෂක ලේකම්වරයා වෙත හඳුන්වාදීම සිදු කෙරිණි.   

එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ආරක්‍ෂක ලේකම්වරයා ලෙස පත්වීමෙන් පසුව ඔහු නාවික හමුදා මූලස්ථානයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව ලෙස මෙම සංචාරය සනිටුහන් වූ අතරමෙම සංචාරයේදී නාවික හමුදාධිපති සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර පැවති සුහද පිළිසඳරකින් පසු, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

WhatsApp Group

Skip to content