මෙරට ආරක්ෂක අංශ සදහා අඛණ්ඩව පුහුණු සහය ලබා දෙන බවට පාකිස්ථානය සහතික වී තිබෙනවා.

දිවයිනට පැමිණ සිටින පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරාල් සභීර් ෂම්ෂාඩ් මහතායි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඔහු ඊයේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවුණා.

ආරක්ෂක අමාත්‍යංශයේදී පැවති මෙම හමුවේදී දෙරටේ හමුදාවන් අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.

WhatsApp Group

Skip to content