ආබාධ සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් වැඩිකිරීම කටයුතු කර තිබෙනවා.

එම දීමනා මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බවයි සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා සදහන් කළේ.

ඒ අනුව ආබාධිතවූවන්ගේ අධ්‍යාපන ආධාරය රුපියල් 10,000 සිට 20,000 දක්වා වැඩි කෙරෙන අතර, ආබාධිතවූවන්ගේ ස්වයං රැකියා ආධාරය රුපියල් 25,000 සිට 40,000 දක්වා ඉහළ දමා තිබෙනවා.

ආබාධිතවූවන්ගේ උපකරණ සඳහා දුන් රුපියල් 15,000 ආධාරය රුපියල් 35,000 දක්වාත්, ආබාධිතවූවන්ගේ නිවාස ඉදිකිරීම් සඳහා දුන් 250,000 ආධාරය රුපියල් ලක්ෂ 05 දක්වාත් වැඩි කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ආබාධිතවූවන්ගේ නිවාස අලුත්වැඩියා කිරීමට දුන් රුපියල් 150,000 ආධාරය රුපියල් 250,000 දක්වා වැඩි කරන අතර, ආබාධිතවූවන්ට වැසිකිළි ඉදිකර ගැනීමට ලබාදෙන ආධාරය රුපියල් ලක්ෂයක් දක්වා වැඩි කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content