ආපන ශාලාවල ආහාර මිල ගණන් අද සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පැවසුවේ බත් , කොත්තු , ප්ලේන් ටී සහ කිරී තේ ඇතුළු ආහාරවල මෙලෙස ඉහළ දමන බවයි.

ඒ අනුව ප්ලෙන් ටී එකක් රුපියල් 5කින් , කිරිතේ එකක් රුපියල් 10කින් සහ කෙටි ආහාර රුපියල් 10කින් ඉහළ දමන බවයි හර්ෂන රුක්ෂාන් මහතා සදහන් කළේ.

බත් , ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ද රුපියල් 25කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content