පවතින කාලගුණික තත්ත්වයත් සමග හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී තිබේ නම් ඒ පිළිබද දැනුම් දීම සදහා හදිසි ඇමතුම් අංකයක් ස්ථාපනය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා .

ඒ අනුව 117 යන හදිසි ඇමතුම් අංකයට අමතා අදාළ ආපදා තත්වයන් පිළිබද දැනුම්දිය හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කලේ .

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම හදිසි ඇමතුම් අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි .

WhatsApp Group

Skip to content