පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ ගසේ මුල නැවත ගොඩ ගැනීමට කටයුතු සිදු කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය නියෝග කර තිබෙනවා .
අදාළ පඬු කරඳ ගස ගොඩ ගන්නා ලෙස ඉල්ලමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමි විසින් ගම්පහ අධිකරණයට මෝසමක් මගින් දැනුම් දීමටයි කටයුතු කලේ .

එම මෝසම ඉදිරිපත් කර ඇත්තේ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එය ගොඩගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන නඩුවට අදාළවයි.
සුදුසුකම් ලත් පර්යේෂකයෙකු යොදවා අදාළ ශාකයේ මුල සංරක්ෂණය කිරීමට කටයුතු කරන ලෙස ද අධිකරණය මෙහිදී දැනුම් දී තිබෙනවා.

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත හිමි එම ශාකය පිලිබදව මෙලෙස අදහස් පල කලා

https://www.vnews.lk/storage/2023/07/UDASGIRIYEE-SAMITHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content