තවත් ආනයන සීමා කිහිපයක් ඉදිරියේදී ලිහිල් කිරීමට පියවර ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

විදෙස් රූපවාහිනි නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත්වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ.

එය නොවෙනස්ව ඉදිරියට පවතිනු ඇති බවයි නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිගතාවකින් තොරව පාරිභෝගිකයින්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සදහන් කළා.

 

WhatsApp Group

Skip to content