ආනයනික අර්තාපල් සදහා පනවා ඇති විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද තවත් මාස 04ක් සදහා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට ඉදිරි මාස 04ක කාලය සදහා එම විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වනු ඇති.

ආනයනික ආර්ථාපල් කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 50ක විශේෂ වෙළෙද භාණ්ඩ බද්දක් පැනවීමට රජය පසුගිය වසරේ මාර්තු මාසයේදී කටයුතු කර තිබුණා.

මාස 06ක කාලයක් සදහා එම බදු පැනවීම සිදුකර තිබු අතර එය තවත් මාස 04ක් සදහා දීර්ග කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කළා.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content