මෙරට ආදීවාසී ජනතාවට පවතින ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා නව පනතක් සකස් කිරීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමේ රෙගුලාසි පද්ධතියක් සකස් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇති අතර, එම රෙගුලාසි පද්ධතිය පිළිබදව අදාළ පාර්ශ්ව සමඟ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහ වනජීවි හා වන සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්ය, නීතිඥ පවිත්රාදේවී වන්නිආරච්චි මහත්මියගේ ප්රධානත්වයෙන්, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාව සිදු විය.
ආදිවාසී ජනතාවට පවතින ගැටලු විසදීම සඳහා සකස් කළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්යතුමා විසින් මේ වන විට අමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර, පනත සඳහා ඇතුළත් කිරීමට නොහැකි කරුණු රෙගුලාසි යටතේ නීතිගත කිරීමට පියවර ගෙන තිබේ.

WhatsApp Group

Skip to content