2023-2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයින් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව ලක්ෂ පහකින් පමණ ඉහළගොස් තිබෙනවා.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සදහන් කළේ එය පෙර තක්සේරු වර්ෂයේදී 333,013 ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී 868,009 ක් ලෙස දැක්වෙන බවයි.

2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතුවනවා.

ඒ අනුව, 2023-2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන්ට නොවැම්බර් 30 වනදාට පෙර මාර්ගගතව ඒවා ඉදිරිපත් තළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content