ආණ්ඩු වෙනස් වුවද , රාජ්‍ය ප්‍රතිපත්ති ස්ථාවරව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

කලින් කලට වෙනස්වන ප්‍රතිපත්ති සමග රටක් දියුණු කළ නොහැකි බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

මෙරට විදේශ ප්‍රතිපත්තිය සහ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අදාළ කෙටුම්පත් මෙම වසර අවසන් වීමට පෙර සකස් කරන ලෙස අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළා.

WhatsApp Group

Skip to content