මේ මස අවසන්  සතියේදී ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරු කොළඹ ආසන්නයේ රැඳී සිටිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් අද ඔවුන්ට දැනුම් දී තිබෙන අතර ඊට හේතුවී ඇත්තේ මේ  මස 28 වැනි බදාදා පස්වරු 5 ට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙන නිසාවෙනි.

මෙම සාකච්ඡාව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රිවරුන්ට විදෙස්ගත වීමද තහනම් කර ඇති අතර, තවත් සාකච්ඡා වට කීපයක් පැවැත්වීමට නියමිතයි.

ජනපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර පසුගියදා සාකච්ඡාවක් පැවැති අතර, ඊට එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ද සහභාගි වූවේය. එහිදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීම පිළිබඳව තීරණය කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content