ආණ්ඩු වෙනසක් ඇති කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මහ පාරට පැමිණ උද්ඝෝෂණ සිදු කිරීම ඊට විකල්පයක් නොවන බවටයි ජනාධිපතිවරයා අද(03) දින ත්‍රිකුණාමලය ගුවන් හමුදා කදවුරේ පැවති උත්සවයකට එක් වෙමින් කියා සිටියේ.

මේ අතර ආර්ථික අර්බුදකයක් තිබයදී වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබා දීම සම්බන්ධයෙන් පොලොන්නරුව ගොවි ජනතාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රසාදය පළ කර තිබෙනවා.

පොලොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ ගොවින් පිරිසක් මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

ගොවි ජනතාව වෙනුවෙන් ඉටු කළ එම මෙහෙවර අගයමින් රන් වී කරල නමින් වූ උපහාර තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content