සබරගමු පළාතේ ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

තමන් වසරකුත් මාස තුනක කාලයක් සබරගමු පළාත් ආණ්ඩුකාර ධූරයේ කටයුතු කළ බව ලිපියක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කර සිටියා.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට හිස නමමින් මේ අවස්ථාවේ ඉල්ලා අස්වීමට කටයුතු කරන බවයි නවීන් දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් පිරිනමමින් සිය නිල ෆෙස්බුක් ගිණුමෙහි සටහනක් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කලා.

මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද තම ධුරයෙන් ඉල්ලා අස්වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

ජනාධිපතිවරණය සදහා වෙනත් අපේක්ෂකයෙකු තේරී පත් වීම නිසා තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

එමෙන්ම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාද සිය දුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

WhatsApp Group

Skip to content