ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ කතානායක මහින්ද යාපා අබේව්ර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 09.30 ව්‍යවස්ථා සභාව රැස්වනු ඇති.

මෙහිදී කොමිෂන් සභා සාමාජිකයින් පත්කිරම සම්බන්ධයෙන් සහ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ලබන 20 වනදා පැවැත්වීමයි කටයුතු යොදා ඇත්තේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය මේ බව සදහන් කළා.

එමෙන්ම දුෂණ විරෝධි පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදය ලබන 19 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

පාර්ලිමේන්තුව ජුලි 18 වනදා සිට 21 වනදා දක්වා යළි රැස්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content