ආණමඩුව , පරමාකන්ද මංසන්දිය ආසන්නයේදී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එම රථවල රියදුරන් මෙලෙස බරපතළ තුවාල ලබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක් ඉස්සර කර යාමට උත්සාහ කළ ලොරියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් පසුව ප්‍රදේශවාසීන් විසින් ලොරි රථවල බරපතළ තුවාල ලබා සිරවී සිටි රියදුරන් පිටතට ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

WhatsApp Group

Skip to content