පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව අද ,හෙට සහ අනිද්දා දින වලදී රැස් වීමට නියමිතව තිබෙනවා .

මෙම දින වලදී විනය විරෝධීව හැසිරුනු බවට මන්ත්‍රීවරුන් නව දෙනකුට එරෙහිව ඉදිරිපත් කෙරුණු පැමිණිලි හයක් අදාළ කමිටුව විසින් විභාග කිරීමට නියමිතයි .

ඒ අනුව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සහ සුජිත් සංජය පෙරේරා , රෝහන බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ පැමිණිලිල්ල මෙන්ම චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතාට තර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳ පැමිණිල්ල විභාග කෙරෙනු ඇති .

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න සහ සනත් නිශාන්ත මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර සහ අලි සබ්රි රහීම් යන මහත්වරුන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිලි මෙහිදී විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා .

අයවැය විවාදයන් අවසන්වීමට පෙර මෙම සියලු සිද්ධීන් විමර්ශන කර අවසන් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතා වෙත උපදෙස්දී තිබෙනවා.

WhatsApp Group

Skip to content